මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන, දැනට ඉන්දියාවේ තිලුච්චි එළිමහන් සිරකඳවුරේ රඳවා සිටින පලානි ශිරාන් ක්රෝරියන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෝ හතර දෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. පිටකොටුව විශේෂ කාර්යාංශයේ උප ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරීක්ෂක අකලංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 151යි මිලිග්‍රෑම් 514ක් සහ රුපියල් 190,370ක මුදලක් තිබී ඇත. මට්ටක්කුලිය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පලානි ශිරාන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රධාන ජාලය ක්‍රියාත්මක කර තිබේ. ත්‍රිරෝද රථ මුවාවෙන් දිනකට අයිස් ග්‍රෑම් 150කට වැඩි ප්‍රමාණයක් ජාවාරම්කරුවන් වෙත බෙදා හැර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරුවන් වැඩිදුර රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.














