ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 23 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (09) නියෝග කර තිබේ.
අධිකරණයේදී ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය කළ කරුණු දැක්වීම් සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.














