ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර මාස හයක් පුරා පවතින සන්නද්ධ ගැටුම් ඉතිහාසයේ දරුණුතම නාවික ප්‍රහාර මාලාව වාර්තා කරමින්, හෝමූස් සමුද්‍රසන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව දෙපාර්ශ්වය විසින් නෞකා 15කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබේ.
ඇමෙරිකානු හමුදාවන් විසින් ඉරාන තෙල් නැව් පහක් මුහුදේ ගිල්වා දැමීමට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ඇමෙරිකානු නෞකා දෙකක් සහ තෙල් නැව් අටක් ඇතුළු නෞකා 10කට ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කළේය. ඩුබායි ආසන්නයේදී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ‘Hercules Star’ නමැති ඉන්ධන නැවේ නැවියෙකු මියගොස් තවත් අයෙකු අතුරුදහන් වී ඇති අතර, ඉරාක මුහුදු සීමාවේදී ‘New Andros’ නැව ගිනිගෙන ඇත. මීට අමතරව ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට බැලැස්ටික් මිසයිල 20ක් එල්ල කළ අතර, එයින් 18ක්ම ගුවනේදීම විනාශ කළ බව ජෝර්දානය පවසයි. මෙම තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ඩොලර් 100 සීමාව පස්වා ගොස් තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















