අනුරාධපුර, මරදන්කඩවල නගරයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ මව සහ ඇගේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පුතණුවන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (සැප්තැම්බර් 09) උදෑසන 10.35ට පමණ මරදන්කඩවල සිට කැකිරාව දෙසට ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ තිරප්පනේ, කරඹේ ගමේ පදිංචිව සිටි 47 හැවිරිදි දිල්කි මදුෂානි ගුණසිංහ නැමැති මව සහ ඇගේ පුතු වන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි නිකේෂ් රුවන්ත දිල්ෂන් නැමැති තරුණයායි. දඹුල්ල ප්‍රදේශයේ පැවැති ඥාති අවමංගල්‍යයකට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මරදන්කඩවල පොලීසිය පියවර ගෙන තිබේ.














