සවුදි අරාබිය වෙත නැවත වරක් එල්ල වූ හුති (Houthi) මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවෙන් අනතුරුව, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පාකිස්තාන නිලධාරීන් කණ්ඩායමක් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත පැමිණ තිබේ.
වාර්තාවලට අනුව, යේමනයේ පිහිටි හුති සන්නද්ධ ඉලක්ක වෙත සෘජුව ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස සවුදි අරාබිය පාකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇති අතර, පාකිස්තාන බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් සිටින නමුත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. මීට පෙර හවුති විරෝධී හමුදා මෙහෙයුම්වලින් බැහැරව සිටි පාකිස්තානය මෙලෙස සෘජු හමුදාමය ක්‍රියාමාර්ගයකට එළඹීමට සලකා බැලීම කලාපීය භූ-දේශපාලනයේ විශාල පරිවර්තනයක් ලෙස සැලකේ. මෑතකදී අත්සන් කරන ලද ‘මොහොමඩ් / මක්කා ආරක්ෂක සන්ධානය’ (Mecca Defense Alliance) යටතේ පාකිස්තාන ගුවන් හමුදා යානා මෙම ප්‍රහාර සඳහා එක්වුවහොත්, එකඟතා ලේඛනයකට සීමා වී පැවැති එකී සන්ධානය සෘජු යුදමය තත්ත්වයකට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙය වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














