රුපියල් ලක්ෂ 80ක් වටිනා ග්‍රෑම් 803ක් බරැති ‘මරිජුවානා’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (09) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි මොවුන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කර ඇත.
කොළඹ 02, කොළඹ 13 සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචි 34, 37 සහ 54 යන වයස්වල පසුවන මෙම කාන්තාවන් විසින් ගමන් මලු තුළ ගුලි 11ක් ලෙස කළු පැහැති සෙලෝටේප් යොදා සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් තිබේ. වැඩිදුර විමර්ශන සඳහා අදාළ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.














