කැනඩා අගමැති මාක් කාර්නි හමුවී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට සැලසුම්
යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) සහ ඔහුගේ බිරිඳ ඔලේනා සෙලෙන්ස්කා (Olena Zelenska) මහත්මිය නිල සංචාරයක් සඳහා කැනඩාවේ කැල්ගරි ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ. ඉදිරියට පැමිණෙන ශීත ඍතුවට මුහුණ දීම සඳහා අවශ්ය බලශක්ති සූදානම සහ යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති ශක්තිමත් කරගැනීම සඳහා අවශ්ය තාක්ෂණික හා හමුදාමය සහාය ලබාගැනීම මෙම සංචාරයේ ප්රධාන අරමුණයි.
මෙම සංචාරයේදී යුක්රේන ජනාධිපතිවරයා කැනඩා අගමැති මාක් කාර්නි (Mark Carney) ඇතුළු එරට ප්රධාන පෙළේ නායකයින් හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී දෙරට අතර වැදගත් ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිත බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














