• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු නිදහසේ 250 වන සංවත්සරය සනිටුහන් කරමින් තෝමස් ජෙෆර්සන්ගේ උරුමය පිළිබඳ දේශනයක් පවත්වයි

10 September 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු නිදහසේ 250 වන සංවත්සරය සනිටුහන් කරමින් තෝමස් ජෙෆර්සන්ගේ උරුමය පිළිබඳ දේශනයක් පවත්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු නිදහසේ 250 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා පාත්ෆයින්ඩර් පදනම, ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය හා එක්ව ඇමරිකාවේ ආරම්භක පියවරුන්ගේ උරුමය පිළිබඳ දේශන මාලාවක් සංවිධානය කරයි.
“අධ්‍යාපනය සහ ආයතන කෙරෙහි තෝමස් ජෙෆර්සන්ගේ උරුමය” මැයෙන් වූ පළමු දේශනය 2026 සැප්තැම්බර් 10 වන බ්‍රහස්පතින්දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ඇමරිකානු නිදහසේ අර්ධ ශතවර්ෂ පහක සංවත්සරය සමරන දේශන මාලාවේ පළමුවැන්න වූ මෙය, එක්සත් ජනපදයේ ආරම්භක පියවරුන්ගේ කල්පවතින දායකත්වය සහ අදහස් මෙන්ම සමකාලීන සමාජයට ඒවායේ ඇති අඛණ්ඩ අදාළත්වය පිළිබඳව විමසා බලන ලදී.
තෝමස් ජෙෆර්සන් යනු එක්සත් ජනපදය පිහිටුවීමට සහ එහි මුල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා මූලධර්ම ගොඩනැගීමට උපකාරී වූ නායකයින් සමූහයක් වන එක්සත් ජනපදයේ ආරම්භක පියවරුන්ගෙන් එක් අයෙකි. ජෙෆර්සන් 1776 දී සම්මත කරන ලද නිදහස් ප්‍රකාශනයේ ප්‍රධාන කතුවරයා වූ අතර පසුව එක්සත් ජනපදයේ තුන්වන ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. අධ්‍යාපනය සහ දැනුම දියුණු කිරීම වෙනුවෙන් පෙනී සිටි ඒ මහතා වර්ජිනියා විශ්වවිද්‍යාලය ද ආරම්භ කළ අතර කොංග්‍රස් පුස්තකාලයේ මුල්කාලීන වර්ධනය සඳහාද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
මෙම උත්සවයේ ප්‍රධාන කථිකයා ලෙස ඇමරිකානු ෆුල්බ්‍රයිට් විශේෂඥ ලාරා සිප්සැක් මහත්මිය කටයුතු කළාය. අධ්‍යාපනය, ආයතන සහ දැනුම සෙවීම කෙරෙහි තෝමස් ජෙෆර්සන්ගේ තිරසාර බලපෑම පිළිබඳව ඇය එහිදී කරුණු පැහැදිලි කළාය. වර්ජිනියා විශ්වවිද්‍යාලය පිහිටුවීමේදී ජෙෆර්සන්ගේ කාර්යභාරය සහ එක්සත් ජනපදයේ අධ්‍යාපනික හා දැනුම ලබාදෙන ආයතනවල වර්ධනයට ඔහු දැක්වූ පුළුල් දායකත්වය කෙරෙහිද ඇයගේ අවධානය යොමු විය. කොංග්‍රස් පුස්තකාලය සමඟ ජෙෆර්සන් පැවැත්වූ සබඳතාවද මෙහිදී සටහන් වූයේ, එම ආයතනයේ එකතුවෙන් කොටසක් ඔහුගේ පෞද්ගලික එකතුවෙන් ගොඩනඟා ඇති බැවිනි. දැනුම සුරකින, තොරතුරු වෙත ප්‍රවේශය ලබා දෙන සහ අධ්‍යාපනික සම්පත් සමඟ ජනතාව සම්බන්ධ කරන ආයතන ලෙස පුස්තකාල සහ ලේඛනාගාරවල කාර්යභාරය හරහා ජෙෆර්සන්ගේ උරුමය ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙම ඉදිරිපත් කිරීමේදී වැඩිදුරටත් කරුණු දැක්විණි. එක්සත් ජනපදයේ පුස්තකාල යනු ඉගෙනීම, නව සොයාගැනීම් සහ තොරතුරු වෙත මහජන ප්‍රවේශයට සහාය වන වැදගත් ප්‍රජා අවකාශයන් බවට පත්ව ඇති බව සිප්සැක් මහත්මිය සඳහන් කළාය. ජෙෆර්සන්ගේ වඩාත්ම කල්පවතින උරුමය පවතින්නේ ඔහු පිහිටුවීමට උපකාර කළ ආයතන තුළ පමණක් නොව, අධ්‍යාපනය, දැනුමට ප්‍රවේශය සහ දැනුවත් පුරවැසියන් නිදහස් සමාජයකට අත්‍යවශ්‍ය වේ යන මූලධර්මය තුළ බව එහිදී තර්ක කරන ලදී.
LIRNEasia හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර සහ ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සාකච්ඡා සම්ප්‍රදායක ලෙස කටයුතු කරමින් ඇයගේ අදහස් ඉදිරිපත් කළ අතර, මෙම සාකච්ඡාවට ශ්‍රී ලාංකේය සහ සමකාලීන අධ්‍යාපන ප්‍රතිපත්තිමය මානයක් එක් කළාය. ආචාර්ය ගමගේ මහත්මිය එක්සත් ජනපදයේ ඇයගේ පූර්ව කාර්යයන් සහ අත්දැකීම් කැටි කරමින්, ජෙෆර්සන්ගේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සමකාලීන තත්ත්වය හා උසස් අධ්‍යාපනයේ පවතින අභියෝගවලට අදාළව එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල පරිණාමය පිළිබඳව අදහස් දැක්වූවාය. එක්සත් ජනපද පර්යේෂණ විශ්වවිද්‍යාල පද්ධතියේ වර්ධනය පදනම් කරගනිමින්, 19 වන සියවසේදී සාපේක්ෂව කුඩා මට්ටමක පැවැති ඇමරිකානු විශ්වවිද්‍යාල ලොව පුරා සිසුන් සහ විද්වතුන් ආකර්ෂණය කරගන්නා පර්යේෂණ සහ පශ්චාත් උපාධි අධ්‍යාපනයේ ගෝලීය මධ්‍යස්ථාන බවට වර්ධනය වූ ආකාරය ආචාර්ය ගමගේ මහත්මිය පෙන්වා දුන්නාය.
ඉදිරිපත් කිරීමෙන් පසුව කථිකයන් දෙදෙනා අතර ආකර්ශනීය සාකච්ඡාවක් සහ ප්‍රේක්ෂකයින්ට විවෘත වූ ප්‍රශ්නෝත්තර වාරයක් පැවැත්වුණි. අද වන විට අධ්‍යාපනයට සහ ආයතනික සංවර්ධනයට ජෙෆර්සන්ගේ අදහස්වල ඇති අදාළතාව පිළිබඳව කථිකයන් සමඟ සාකච්ඡා කිරීමට සහභාගිවන්නන්ට එහිදී අවස්ථාව හිමි විය. ජෙෆර්සන්ගේ අධ්‍යාපනික දර්ශනයේ අඛණ්ඩ අදාළතාව පිළිබඳ අදහස් දක්වමින් සාකච්ඡාව අවසන් විය. ඔහුගේ මුල් දැක්ම ඉතා වෙනස් සමාජීය හා ඓතිහාසික සන්දර්භයක් තුළ මතුවූවක් බව පිළිගන්නා අතරම, ඔහුගේ චින්තනයේ වැදගත් අංග තවදුරටත් අදාළ වන බවට කථිකයෝ එකඟ වූහ. විශේෂයෙන්ම සහභාගීත්ව අධ්‍යාපනයේ වටිනාකම සහ මහජන ජීවිතයට දායක වන හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන්ගේ කාර්යභාරය සකස් කරන ආයතනවල වැදගත්කම එහිදී අවධාරණය විය.
ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මහජන කටයුතු පිළිබඳ උපදේශක මෙනකා නයියර් මහත්මියගේ සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතාගේ පිළිගැනීමේ කතාවලින් උත්සවය ආරම්භ වූ අතර, පසුව දේශනය, සාකච්ඡාව සහ සබඳතා ගොඩනඟා ගැනීමේ වාරය පැවැත්විණි. තානාපති කාර්යාල නියෝජිතයින්, මතවාද පර්යේෂකයින්, විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්ය මණ්ඩල සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයෝ මෙම අවස්ථාවට එක්වෙමින් සාකච්ඡාවට සක්‍රීයව දායක වූහ.
ආරම්භක පියවරුන්ගේ දේශන මාලාව යනු එක්සත් ජනපදයේ ඓතිහාසික, ආයතනික සහ බුද්ධිමය පදනම් පිළිබඳ සංවාදය ප්‍රවර්ධනය කිරීමට සහ අවබෝධය උග්‍ර කිරීමට මෙන්ම වර්තමාන පොදු අභියෝගවලට මුහුණ දීමේදී ඒවායේ කල්පවතින දායකත්වය ගවේෂණය කිරීම සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ පාත්ෆයින්ඩර් පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩසටහන්වල එක් පියවරකි.
Post Views: 2
Previous Post

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

පරක්කු වෙන්න කලින් ගෙදර යන්න ඉරානයෙන් අමෙරිකානු හමුදාවට දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
පරක්කු වෙන්න කලින් ගෙදර යන්න ඉරානයෙන් අමෙරිකානු හමුදාවට දැඩි අනතුරු ඇඟවීමක්

පරක්කු වෙන්න කලින් ගෙදර යන්න ඉරානයෙන් අමෙරිකානු හමුදාවට දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
පුනරුදයේ පුරවර  පළාත් පාලන සතිය  සැප්තැම්බර් 14 සිට 19 දක්වා දිවයින පුරා

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය සැප්තැම්බර් 14 සිට 19 දක්වා දිවයින පුරා

10 September 2026
ඉතාලි නාවික හමුදාවේ ITS Giuseppe Garibaldi යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉතාලි නාවික හමුදාවේ ITS Giuseppe Garibaldi යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved