ඉන්දියාවේ අපූරු සිදුවීමක් වාර්තා වන අතර, එහි ගොවියෙකු තම වසු පැටවා මදුරුවන්ගෙන් සහ කෘමීන්ගෙන් බේරා ගැනීම සඳහා මදුරු දැලක් යටතේ තබා ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබේ. එමඟින් තමන් මෙන්ම වසු පැටවාද කිසිදු රෝග බියකින් තොරව සාමකාමීව හා සුවසේ නිදා ගැනීමට සමත් වී ඇති අතර, මෙම අපූරු බැඳීම සහ සැලකිල්ල මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව ඇත.














