“ප්‍රජා ශක්ති” දිළිඳුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විසිතුරු මත්ස්‍ය වගා ව්‍යවසායකයින් බිහිකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ කෙටි කාලයක් තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මත්ස්‍ය පොකුණු සැලසුම් කිරීම සහ සුදුසු ස්ථාන හඳුනාගැනීමේ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසුගිය සැප්තැම්බර් 08 වන දින සාර්ථකව සිදු කර ඇත.
මෙම අවස්ථාව සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් සහකාර අධ්‍යක්ෂ, NAQDA ව්‍යාප්ති කලාප 2 භාර සහකාර අධ්‍යක්ෂ, අම්පාර දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී, NAQDA තාක්ෂණික නිලධාරී, දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා ශක්ති කමිටු සභාපති සහ අදාළ ග්‍රාම නිලධාරී ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහභාගී වී තිබේ.















