මගී හුවමාරුව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් නවීන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රේගුවෙන් පියවර
පලාලි ගුවන්තොටුපළේ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කිරීමේ නවීන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබේ. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා මේ බව සඳහන් කළ අතර, මගී හුවමාරුව සහ සංචාරක ගමනාගමනය ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ආරක්ෂාව සහ මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.















