“ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන ව්‍යාපෘතියක් වන, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක ඒකාබද්ධ කරමින් ඉදිකිරීමට නියමිත සමූහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ඒකකය සමුපකාර සමිතියක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා විශේෂ රැස්වීමක් පසුගිය සැප්තැම්බර් 08 වන දින පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය සහ කෑගල්ල දිස්ත්‍රික් සමූපකාර සහකාර කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී තිබේ.
කෑගල්ල දිස්ත්‍රික් දිසාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, අරණායක පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතාගේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යාමට නියමිතය.














