මහනගර සභාවේ සිදුවූ මූල්ය වංචාවකට අදාළව කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
බණ්ඩාරවෙල මහනගර සභාවේ සිදු වූ මූල්ය වංචාවකට අදාළව කූට ලේඛන සකස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට පෙර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම නගර සභාවේ සේවකයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.














