විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කාරක සභාව රැස්වී මෙම තීරණයට එළඹ ඇත.
අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරි දිනවලදී කතානායකවරයා වෙත ලැබීමට නියමිත අතර, එම මතය ලැබුණු වහාම පනත් කෙටුම්පත සම්මත කරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මෙම සංශෝධන හරහා අධිකරණ පද්ධතියේ සහ ව්‍යවස්ථාදායකයේ සිදුවන වෙනස්කම් කෙරෙහි මේ වන විට දේශපාලන හා නීති ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමුව තිබේ.
















