දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස නිවාස විනාශයට පත් වූ ජනතාවට සහන සැලසීමේ සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය යළි නඟා සිටුවීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික නිවාස වැඩසටහනට සමගාමීව, නව නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ විශේෂ උත්සවයක් අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදී පවත්වනු ලැබ ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අදාළ ආපදාවට ලක්වූ පවුල් වෙත නව නිවාස ලබාදීම මඟින් ඔවුන්ට ස්ථිර සහ ආරක්ෂිත වාසස්ථාන හිමිකර දීම රජයේ අපේක්ෂාව වී තිබේ. දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම නව නිවාස ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කර ඇති අතර, විපතට පත් ජනතාවට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටී.













