එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන දෙකෙහිම බහුතර බලය තවදුරටත් රඳවා ගනු ලැබුවහොත්, ඇමරිකාවේ සෑම වැඩිහිටි පුරවැසියෙකුටම ඩොලර් 5,000ක මුදලක් ලබාදෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.
ඩලස් නුවර පැවති රිපබ්ලිකන් පක්ෂ සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කර ඇති අතර, “ට්‍රම්ප් ලාභාංශය” (Trump Dividend) ලෙස මෙම මූල්‍යමය වැඩසටහන නම් කර ඇත. රටේ ආර්ථික තත්ත්වය සහ උද්ධමන පීඩනය හමුවේ තරුණ හා වැඩිහිටි ඡන්දදායකයන්ගේ අවධානය දිනාගැනීමේ අරමුණින් මෙම නවතම මැතිවරණ පොරොන්දුව ඉදිරිපත් කර තිබේ.














