පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කල එන්.ඒ.විමලසේන යන අය හිටපු උපකුලපතිවරයෙකු වන ලෙස්ලි ගුණවර්ධනයන්ගේ බුද්ධිමය දේපල සොරකමක් සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනයකින් වරද පිලිගනු ලදුව මේ වන විට වැඩ තහනමකට ලක් කර ඒ සම්බන්ධ විධිමත් පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටී. ඊට අදාලව අදාල මහාචාර්යවරයාට විශ්වවිද්‍යාල භූමියද තහනම් කලාපයක් බවට පත්කර තිබෙන අතර වැටුප් අඩකින් කපා හැරීමද සිදුකර තිබේ.
ඒ අතර අදාල මහාචාර්යවරයා විසින් සිදුකර ඇති බවට චෝදනා කෙරෙන තවත් බුද්ධිමය දේපල සොරකමක් සම්බන්ධයෙන් ඉතිහාස අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය රෝහිත දිසානායක විසින් සිදුකරන ලද නිල පැමිණිල්ලකට අනුව ඔහුට එරෙහි තවත් මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පසුගියදා පැවැති පාලක සභා රැස්වීම්වාරයේදී තීරණය කර තිබෙන බව අප වෙත වාර්ථා වේ.
ඒ අනුව මහාචාර්ය විමලසේනට එරෙහිව තවත් මූලික විමර්ශනයක් නුදුරේදීම ආරම්භ වීමට නියමිතය.














