ඉතාලිය සඳහා වන “2 වන මට්ටමේ” සංචාරක උපදේශනය අලුත් කර ඇති ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව, එරට තුළ පවතින ත්රස්තවාදී ප්රහාරවල අවදානම සහ සංචාරක කලාපවල වැඩි වන මංකොල්ලකෑම් මෙන්ම සුළු අපරාධ හේතුවෙන් සංචාරකයින්ට දැඩි විමසිලිමත් වන ලෙස දන්වා තිබේ.
පසුගිය මාසවලදී ත්රස්තවාදී චෝදනා මත පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇති අතර, සංචාරකයින් බහුල ප්රදේශවල සහ ප්රසිද්ධ ප්රවාහන සේවාවන්හිදී පුද්ගලික ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
තොරතුරු උපුටා ගැනීම: fox news ඇසුරින්














