යමනයේ තීරණාත්මක රතු මුහුදේ වෙරළ තීරය සහ මයුන් දූපත (පෙරිම් දූපත) දෙසට හූති කැරලිකරුවන් වේගයෙන් ඇදී යාම හමුවේ, සෞදි ඔටුහි හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දෙමින් වහාම හූති සංවිධානයට එරෙහිව සෘජු හමුදා ප්‍රහාර එල්ල කරන ලෙස ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී සෘජු එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් සිදු කිරීමට ජනාධිපති ට්‍රම්ප් එකඟ වී නැති අතර, ඒ වෙනුවට සෞදි අරාබියට අවශ්‍ය බුද්ධි අංශ සහ ඉලක්කගත සහයෝගය ලබා දීමට එකඟ වී ඇති බව වාර්තා වේ. ගෝලීය තෙල් ප්‍රවාහනයට තදින්ම බලපාන හෝමුස් සමුද්‍ර සන්ධියට අමතරව, රතු මුහුදේ පිවිසුම වන බැබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ද හූති පාලනයට නතු වීමත් සමඟ ගෝලීය වෙළඳ නෞකා ප්‍රවාහනය දැඩි අවදානමකට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Fox news ඇසුරින්














