මිනි බස් රථයක්, මෝටර් රථයක් සහ දැව ප්‍රවාහන ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරුව සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මිනි බස් රථය වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.
මියගිය පිරිස අතර කුඩා දරුවෙකුද වන බව රියා (RIA) රාජ්‍ය පුවත් සේවය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර ඇති අතර, තුවාල ලැබූ 8 දෙනා මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව ප්‍රාදේශීය බලධාරීන් පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














