එවකට චාල්ස් කුමරුගේ අකීකරුකම ප්‍රසිද්ධියට පත් වූ දිනයේ ඩයනා කුමරිය ලන්ඩන් නුවර සර්පන්ටයින් ගැලරියේ පැවැති උත්සවයකදී පැළඳි ක්‍රිස්ටිනා ස්ටැම්බෝලියන් නිර්මාණයක් වන මෙම ඓතිහාසික කළු පැහැති සේදුම් ඇඳුම (Black silk gown) දෙසැම්බර් 09 වන දින නිව්යෝක් හිදී වෙන්දේසි කිරීමට නියමිතය.
ඇමරිකානු ඩොලර් 150,000ත් 300,000ත් අතර මුදලකට (ශ්‍රී ලංකා රුපියල් කෝටි ගණනකට) අලෙවි වනු ඇතැයි අපේක්ෂිත මෙම ඇඳුම, 1997 වසරේදී ඩයනා කුමරිය විසින් පුණ්‍යාධාර සඳහා තමන්ගේ ඇඳුම් වෙන්දේසි කිරීමෙන් පසු නැවත වෙන්දේසි පොළකට පිවිසෙන පළමු අවස්ථාව මෙය වන අතර, මෙහි විකුණුම් ආදායමෙන් කොටසක් පුණ්‍යාධාර සඳහා ද පරිත්‍යාග කිරීමට නියමිතය.














