ප්‍රංශයේ රුවන් (Rouen) සහ කාන් (Caen) අතර ප්‍රදේශයේදී මගීන් 180 දෙනෙකු රැගත් දුම්රියක් පීලි පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ප්‍රංශ ප්‍රවාහන අමාත්‍ය පිලිප් ටබරෝ (Philippe Tabarot) එක් (X) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.
නොර්මන්ඩි (Normandy) කලාපයේ ක්ලියෝන් (Cleon) නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, දුම්රිය පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ ගැලවුම්කරුවන්ගේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














