විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත ගම්පහ, හොරගොල්ල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංඥා බළකායට අනුයුක්තව සේවය කරන මෙම සැකකරු, කිසිදු අනුමැතියකින් තොරව නිත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවයට වාර්තා නොකර සිටින අයකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














