මොනරාගල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු බැලීම සඳහා පැමිණි කාන්තාවක් විසින් වැස්ලින් (Vaseline) බෝතලයක් තුළ සඟවා රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
රැඳවියාට ලබාදීමට ගෙන ආ ආහාර පාර්සලය සහ වැස්ලින් බෝතලය පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර, මොනරාගල පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී අදාළ බෝතලය තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත. සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තැනැත්තියක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඇය සහ අයිස් මත්ද්‍රව්‍ය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.














