බංගලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා ඉෂිනි එනාරා සිසුවිය පිළිගැනීමේ විශේෂ උත්සවයක් හැටන් නගරයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
විදුහල්පතිවරයා, ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් විසින් විශේෂ වාහනයක නංවා නගරයේ සිට පාසල වෙත ඇය කැඳවාගෙන එන ලද අතර, මාර්ගය දෙපස සිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන්, ආගමික ස්ථානවල භාරකරුවන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ඇයට සුබපතමින් මල් කළඹ ලබා දී උණුසුම් අයුරින් පිළිගත්තහ. ශ්‍රී පාද විද්‍යාලයට ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව විදුහල්පති තිලක් නවනන්දන මහතා මෙහිදී සඳහන් කළේය.














