නවගමුව සුදවිල පාර ප්‍රදේශයේදී ඊයේ (11) අලුයම මාර්ගය හරහා ඉදි කර තිබූ තොරණ සහ වෙළෙඳසැල් දෙකක ගැටී අනතුරක් සිදු කර පලා ගිය වෑන් රථයක් සොයා නවගමුව පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නවගමුව දේවාලයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඉදිකර තිබූ තොරණක සහ අසල පිහිටි වළං කඩයක් හා ආහාරපාන අලෙවිසලක් මතින් ගමන් කර ඇති අදාළ වෑන් රථය, තවත් තොරණකද ගැටී හංවැල්ල දෙසට පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකටයුතු වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සී.සී.ටී.වී. (CCTV) දර්ශන පරීක්ෂා කරමින් පවතින බව පොලිසිය පවසයි.














