තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත පැමිණීමේ පර්යන්තයේදී මෙම වැටලීම සිදු කර ඇත. එහිදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අදාළ විදේශීය සංචාරකයා අත්අඩංගුවට ගත් බව නිලධාරීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














