මාළදිවයිනේ පැවති ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සූපවේදිනියන් පිරිසක් පදක්කම් රැසක් දිනාගනිමින් යළි කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
මාළදිවයිනේ හුලුමාළේ නුවරදී ලෝකයේ රටවල් රැසක සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම ජාත්‍යන්තර තරගාවලිය පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග අංශ රැසක් යටතේ රන් පදක්කම්, රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, එක් විශේෂිත අංශයක ප්‍රථම ස්ථානය ද දිනා ගනිමින් රටට කීර්තියක් ගෙන දීමට සමත් වූහ.
ජයග්‍රාහී සූපවේදිනියන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන් පිරිසක් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.














