ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්රිතව රික්ටර් මාපක 6.2ක ප්රබල භූමිකම්පාවක් සිදුව තිබේ.
පැය 24ක් තුළ එරට කලාපයෙන් වාර්තා වූ දෙවන භූමිකම්පාව මෙය වන අතර, මීට පෙර මලුකු දූපත ආසන්න මුහුදු ප්රදේශයේ ද රික්ටර් මාපක 5.9ක භූමිකම්පාවක් වාර්තා වී තිබිණි. කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එරට බලධාරීන් තහවුරු කර ඇත.













