ඊශ්රායලය සහ ලෙබනනය අතර ලබන සතියේ රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා ඔක්තෝබර් මාසය දක්වා කල් දමා ඇති බව Axios පුවත් සේවය අමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර තිබේ.
යුදෙව් ආගමික නිවාඩු, පැරීසියේ පැවැත්වෙන සමුළුවක් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා වන සූදානම් කටයුතු හේතුවෙන් අදාළ පාර්ශ්වවලට රෝමයේදී එක්වීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර, කෙසේ වෙතත් ඊශ්රායල සහ ලෙබනන් තානාපතිවරුන් ඉදිරියේදී වොෂින්ටනයේදී හමුවීමට නියමිත බවද විදෙස් වාර්තා සඳහන් කරයි.













