ඉරානය සහ අමෙරිකාව අතර නොසන්සුන්තාව හේතුවෙන් අඛණ්ඩව ඉහළ යමින් පැවැති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානය බලා පිටත්ව යන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය අනාවරණය කිරීමත් සමඟ මෙම මිල පහළ යෑම සිදුව ඇත. ඒ අනුව, ඊයේ දිනයේ අමෙරිකානු ඩොලර් 108 සීමාව ඉක්මවා තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 104.61 දක්වා පහත බැස ඇති අතර, WTI බොරතෙල් බැරලයක් ඩොලර් 100.05ක් ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 119.46ක් ලෙසත් සටහන්ව තිබේ.













