වාද්දුව පොලිස් වසමේ පොහොදරමුල්ල වෙරළ ආසන්නයේදී දුම්රියක ගැටී පුද්ගලයෙක් මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
සැප්තැම්බර් 11 වන දින සවස සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වන වාද්දුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු දුම්රිය මාර්ගයේ පා ගමනින් පානදුර දෙසට ගමන් කරමින් සිටියදී දකුණු කළුතර සිට මරදාන දෙසට ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.












