වසර 36ක කාලයක් ගුරුවරයෙකු සහ විදුහල්පතිවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය වටවල සිවානන්දන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති මුතු කරුප්පත්තිවේල් මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් වටවලදී පැවැත්වී තිබේ.
වටවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සහජීවනය වර්ධනය කිරීමට සහ පොලිසිය සමඟ සුහදව කටයුතු කිරීමට ඒ මහතා දැක්වූ කැපවීම මෙහිදී ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම, ඉකුත් වසරේ ලෝක ළමා දින උත්සවය වෙනුවෙන් රත්නපුර ප්‍රදේශයේ දුෂ්කර සිංහල පාසලක සිසුන් හා ආචාර්ය මණ්ඩලය තම පාසල වෙත ගෙන්වා දෙපාර්ශ්වයේම සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ප්‍රශංසාවට ලක්ව තිබේ.














