ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී රටවල් අතර සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාකාරීත්වය අතිශයින් වැදගත් වන බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් කොළඹදී සංවිධානය කරන ලද “ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා, අවස්ථා සහ අභියෝග” පිළිබඳ විද්වත් සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර, මෙම අවස්ථාව සඳහා විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.














