මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ සැරිසරන මුවන් වෙඩිතබා ඝාතනය කර මස් කර පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගුවන් හමුදා නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 2 දෙනෙකු මත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ භූමිය තුළ දඩයම් කරන ලද මුව මස් තොගයක් පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අල්ලාගෙන ඇති අතර, දඩයම සඳහා යොදාගත් ගිනිඅවි සහ ගුවන් හමුදාවට අයත් ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ සොකෝ (SOCO) පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.














