දකුණු ආසියාව පුරා පර්යේෂණ, ශාස්ත්‍රීය සහයෝගිතාව සහ කලාපීය සම්බන්ධීකරණය නංවාලීම අරමුණු කරගනිමින් කොළඹ පිහිටි කලාපීය උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය (RCSS) සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (SAU) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙමඟින් ඒකාබද්ධ පර්යේෂණ, ධාරිතා වර්ධනය, දැනුම් හුවමාරුව, ප්‍රතිපත්ති සංවාද, ප්‍රකාශන සහ සම්මන්ත්‍රණ සඳහා පහසුකම් සැලසෙන අතර, තරුණ විද්වතුන් සඳහා නව අවස්ථා උදාකරනු ඇත. ශ්‍රී ලංකාවේ ස්වාධීන පර්යේෂණ චින්තන මණ්ඩලයක් (think tank) සමඟ SAU අත්සන් කළ පළමු අවබෝධතා ගිවිසුම මෙය වන අතර, දිල්ලි සහ කොළඹ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අතථ්‍ය ක්‍රමවේදයක් (virtually) ඔස්සේ මෙය ක්‍රියාත්මක කෙරිණි.













