වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව මේ වන විට 33%කට ආසන්න මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේය.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය මේ වන විට 20%කට ආසන්න අගයක පවතින බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, යල කන්නයේ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති බැවින්, පවතින ජල ප්‍රමාණය කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වනු ඇති බව හේරත් මහතා සඳහන් කළේය.
එමෙන්ම, එම ජලාශවලින් පානීය ජලය ලබාගන්නා ප්‍රදේශවලට මේ වන විට පානීය ජල ගැටලුවක් ඇති නොවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














