දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට පසුගිය 11 වැනිදා එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ප්‍රහාරය සඳහා සැකකරුවන්ට ත්‍රීරෝද රථය ලබාදුන් පුද්ගලයා ඇතුළු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය 11 වැනිදා අලුයම් කාලයේ එල්ල වූ මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් එම නිවසේ සිටි සිසුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
















