ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රට තුළ දූෂණය සහ වංචාව තුරන් කිරීමේ යෝධ පියවර ඉතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
පළාත් පාලන සතිය වෙනුවෙන් මහරගම නගර සභාව විසින් මහරගම, රුක්මල්ගම ප්‍රදේශයේදී සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය නිසි ලෙස භාවිත කරමින් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමට වත්මන් රජය අඛණ්ඩව කටයුතු කරන බවයි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ පිරිසක් එක්ව සිටියහ.














