‘පුනරුදයට මඟ’ සංවර්ධන වැඩසටහනට සමගාමීව සෙට්ටිකුලම ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ඒ යටතේ සෙට්ටිකුලම තෙහියන්කුලම කුඩා පාලම ඉදිකිරීම සහ ගනේෂපුරම් – කල්ලියමුරිප්පු මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත සෙට්ටිකුලම ප්‍රාදේශීය සභාව මගින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහිදී තෙහියන්කුලම කුඩා පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10ක් වෙන් කර ඇති අතර, කිලෝමීටර 1.2ක ප්‍රමාණයකින් යුත් කල්ලියමුරිප්පු මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 9.7කි. මෙම අවස්ථාව සඳහා සෙට්ටිකුලම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. ඉම්තියාස් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් එක්ව සිටියහ.














