බදුල්ල – මහියංගන ප්රධාන මාර්ගයේ මීගහකිවුල 16 කණුව හන්දිය ආසන්නයේදී අද (15) උදෑසන පෞද්ගලික බස් රථයක්, යතුරුපැදියක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් දැරියක් ඇතුළු පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද උදෑසන 7.00ට පමණ සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරුපැදිකරු, ත්රිරෝද රථය පැදවූ කාන්තාව, එහි ගමන් ගත් 4 හැවිරිදි දැරියක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකි. අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් මුලින්ම මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්රතිකාර සඳහා ඔවුන් මේ වන විට බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසියේ රථවාහන අංශය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.














