2026 සැප්තැම්බර් 12 වන දින කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී රතු ආලෝක සංඥා මඟහැර අනතුරුදායක ලෙස බස් රථයක් ධාවනය කළ අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මිරිහාන පොලිස් රථවාහන අංශය විමර්ශන පවත්වයි.
එම බසයේ අයිතිකරු මිරිහාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට මිරිහාන පොලිස් ස්ථානයේ රථවාහන අංශය කටයුතු කර ඇති අතර බස් රථය ධාවනය කළ රියදුරු තෙදිනක් තුළ පොලිස් ස්ථානයට ඉදිරිපත්කරන මෙන් අවවාදකර ඔහුව මුදාහැර ඇත.
ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














