අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට දේශපාලන බලයක් නොමැති නිසා ඇය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිහඬව සිටිනවා විය හැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි. පුවත්පතක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් විජේනායක මහතා මෙසේද සඳහන් කළේය:
“මම ඇය හොඳින් දන්නවා වගේම ඇය කෙරෙහි මගේ ගෞරවයක් තියෙනවා. යහපාලන කාලයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කාරක සභාවේ ඇය මා සමඟ වැඩ කළා. ඇය ඉතා හොඳින් ඇයට පැවරුණු කාර්යය කළා. ඇය දේශපාලනයේ හිටපු කෙනෙක් නොවෙයි. ඒ නිසා ඇය පිටුපස දේශපාලන බලයක් නෑ. දේශපාලනය කරන කෙනකුට යම් ස්ථාවරයක් ගන්න බලයක් තියෙන්න ඕනේ. මම මේ ස්ථාවරයේ ඉන්නේ මට සම සමාජ පක්ෂයේ බලයක් හා ඔවුන් මා සමඟ ඉන්න බවට විශ්වාසයක් තිබෙන නිසයි.
අගමැතිනිය 22 ගැන ඇගේ ස්ථාවරය ප්‍රකාශ කර නෑ කියා මම හිතනවා. හදවතට එකඟව යම් දේශපාලන කාරණයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ බලයක් තමන්ට තිබුණොත් පමණයි. ඇයට එහෙම බලයක් නැති නිසා හෝ මේ ගැන යමක් ප්‍රකාශ නොකළ යුතුයැයි ඇය තීරණය කරගෙන නිහඬව ඉන්නවා වෙන්නත් පුළුවන්.”













