ප්‍රජාතන්ත්‍රවාදය කරා වන සංක්‍රාන්තියට සහයෝගය දැක්වීමේ කාර්යභාරය ශක්තිමත් කර ගැනීම සඳහා වෙනිසියුලාව සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉහළ නංවමින් එරටට නව තානාපතිවරයෙකු පත් කරන බව බ්‍රිතාන්‍යය අද (15) ප්‍රකාශ කළේය. පුළුල් ජාත්‍යන්තර යළි සම්බන්ධීකරණයක කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ලිඛිත ප්‍රකාශයක් මඟින් එරට රජය සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, 2024 වසරේ පවත්වන ලද මැතිවරණ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය දරන තක්සේරුවේ කිසිදු වෙනසක් මින් අදහස් නොවන අතර, කිසිදු පාර්ශ්වයක් අනුමත කිරීමක්ද මෙයින් අදහස් නොවන බව රජය අවධාරණය කර තිබේ. රජයන් නොව රාජ්‍යයන් පිළිගැනීම බ්‍රිතාන්‍යයේ දිගුකාලීන ප්‍රතිපත්තිය වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.













