භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ‘සිලි-සිලි’ මලු නොමිලේ ලබා දීමෙන් වැළකී සිටින ලෙසත්, එලෙස මලු ලබා දෙනු ලබන්නේ නම් ඒවා සඳහා නියමිත මිලක් අය කළ යුතු බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) නිවේදනය කරයි. 2025 ඔක්තෝබර් 1 දිනැති අංක 2456/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 95 දරන විධානයට අනුව මෙම නීතිය ක්‍රියාත්මක වන අතර, අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE) හෝ රේඛීය අඩු ඝනත්ව පොලිඑතිලීන් (LLDPE) මඟින් සකස් කරන ලද මලු සඳහා මෙම නියෝගය අදාළ වේ.
ව්‍යාපාරික ස්ථාන තුළ අදාළ මලු සඳහා අය කරන මිල ප්‍රදර්ශනය කළ යුතු අතර, පාරිභෝගිකයාට නිකුත් කරන බිල්පතෙහිද එම මුදල සටහන් කළ යුතුය. මෙම නියෝගය උල්ලංඝනය කරන වෙළෙන්දන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරන අතර, අනවශ්‍ය පොලීතීන් භාවිතය අවම කිරීම සඳහා හැකිතාක් නැවත භාවිත කළ හැකි බෑග් භාවිත කරන ලෙසද පාරිභෝගිකයන්ගෙන් ඉල්ී සිටී.














