සෞදි අරාබියේ බටහිර වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට හදිසි ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම අනතුරු ඇඟවීම් අතර මක්කම නගරයද ඇතුළත් වී තිබේ.
සෞදි සිවිල් ආරක්ෂක අංශ විසින් මක්කම, ජෙඩා සහ තායිෆ් ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
NDTV වාර්තාවට අනුව, මක්කම සඳහා ගුවන් තර්ජන අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. කෙසේ වෙතත්, එම අනතුරු ඇඟවීම් කෙටි කාලයකින් ඉවත් කර ඇති බවද වාර්තා වේ.
මෑත දිනවල සෞදි අරාබිය ඉලක්ක කරමින් ඉරානයට සහාය දක්වන හූති සටන්කාමීන් විසින් නැවත නැවතත් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වීමත් සමඟ මෙම තත්ත්වය මතුව තිබේ.
මේ අතර, ඊශ්‍රායලයේ Hayom පුවත්පත උපුටා දක්වමින් NDTV වාර්තා කර ඇත්තේ මදීනාහි Prince Mohammad bin Abdulaziz International Airport වෙත ගමන් කරන ගුවන් ගමන්වලටද තාවකාලික බාධා එල්ල වී ඇති බවයි.
එමෙන්ම, යේමනයේ ටයිස් නගරය ආසන්න ප්‍රදේශවලට සෞදි හමුදා සහ ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයට පක්ෂ හමුදා විසින් ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
මක්කම සහ මදීනා වැනි ඉස්ලාම් ආගමික වශයෙන් අතිශය වැදගත් නගර ආසන්නයට ආරක්ෂක අනතුරු ඇඟවීම් පැමිණීම හේතුවෙන් කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.














