සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ දීමනාව අද දින සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගන්නා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර සිටියි.
මෙම ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියර යටතේ මෙරට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 12කට අධික සංඛ්‍යාවක් සඳහා රුපියල් බිලියන ගණනක මූල්‍ය ප්‍රතිපාදන මෙලෙස මුදාහැරීමට නියමිත අතර, ආර්ථික අසීරුතා මැද ජීවත්වන පුරවැසියන්ට සහන සැලසීම සඳහා රජය ගෙන යන සමාජ සුබසාධන වැඩපිළිවෙළෙහි තවත් තීරණාත්මක පියවරක් ලෙස මෙය සටහන් වේ.
අදාළ ප්‍රතිලාභීන්ට හෙට (17) දින සිට සිය බැංකු ගිණුම්වලින් අදාළ මුදල් ලබාගැනීමට පහසුකම් සලසා දී ඇති අතර, රටේ පවතින ආර්ථික වාතාවරණය හමුවේ මෙම දීමනා කාලීනව ලැබීම ජනජීවිතය ස්ථාවර කර ගැනීමට මෙන්ම සමාජීය සුරක්ෂිතතාව තහවුරු කිරීමට ඉමහත් රුකුලක් වනු ඇත.














