ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිමින් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගන්නා අතර, සෙසු ප්රදේශවලටද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් තරයේ ඉල්ලා සිටියි.














