මීගස්වැව ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ වනසංරක්ෂණ රක්ෂිත ආසන්නයේ හේනක පැලක් පරීක්ෂා කිරීමේදී අද (16) දින වනජීවී නිලධාරීන් සිදු කළ මුර සංචාරයකදී බලපත්ර රහිත කැප් තුවක්කුවක් සහ බදින තුවක්කුවක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ නඩු භාණ්ඩ ඉදිරි දිනකදී කහටගස්දිගිලිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













