අකුරැස්ස පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙක් අද (16) උදෑසන අත්අඩංගුවෙන් මිදී නිල්වලා ගඟට පැන පලා ගොස් තිබේ. විශේෂයෙන්ම නිල්වලා ගඟේ කිඹුලන් නිතර ගැවසෙන ස්ථානයකට පැන ඔහු පලා යාම මෙහිදී විශේෂත්වයක් විය.
ගගේ පිහිනා ගොස් එහා ඉවුරට ගොඩ වී කැලෑව තුළට රිංගා පලා යන අයුරු පොලීසියට හා ඒ අවට සිටි අයට දැකගත හැකි වී ඇත. පලා ගිය සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලීසිය විසින් මේ වන විට වැඩිදුර පරීක්ෂණ සහ මෙහෙයුම් ක්රියාත්මක කරනු ලබයි.














